ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සේවාව නංවාලීමට ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතුයි

    ජනවාරි 02, 2018

    සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත් තීන්දු තීරණ වේගවත්ව ක්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


    2018 වසරේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරිම සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) සිදු කෙරුණු අතර එහිදී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.


    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2015, 2016, 2017 යන වසර වල දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල කැපකිරීමක් ඔබ විසින් සිදුකර තිබෙනවා. ඊට වඩා කැපකිරීමක් 2018 වසරේ දී සිදු කිරීමට
    ඔබට සිදු වෙනවා.

    සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා තීන්දු තීරණ රැසක් ගෙන ඇතත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙනවා. තීන්දු තීරණ වේගවත්ව ක්‍රියාත්මක කළ යුතුයි. ලංකාවේ රාජ්‍ය සේවාව වේගවත්
    විය යුතුයි.වෛද්‍ය පරිපාලක තනතුරු 80 දශකයේ ලබාගත්තේ සටන් ජයග්‍රහණයකින් පසුවයි. එහිදී අපේ අවධානය යොමු වුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුම තිබෙන නිලධාරින් එම තනතුරුවලට පත් කළ යුතු බවයි. එම වෛද්‍ය විද්‍යා දැනුමෙන් ජනතාවට සේවය කළ යුතුයි. ඥානය හොදින් මෙහෙය වන්න. එමගින් ගැටලු විසදා ගත හැකියි. 

    කඩිනමින් තම විෂයට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න. මම සෞඛ්‍යට අදාල තීන්දු තීරණ ගන්නේ සාකච්ඡා මාර්ගයෙන්. තනියෙන් තීන්දු තීරණ ගන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන නිලධාරීන් ද තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි. 2016 වසරේ ගත් ඇතැම් තීන්දු මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. එම තීන්දු 2018 වසරේදීවත් ක්‍රියාත්මක කරන්න.

    පෞද්ගලික අංශයේ තීන්දුවක් ගත් විට එය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. අපි තීන්දු තීරණ ගන්නේ රෝගීන් වෙනුවෙන්. එම තින්දු ක්‍රියාත්මක කිරීම විශාල පුන්‍යකර්මයක්. ප්‍රමාද කළාම රෝගීන් අසරණ වෙනවා. පුණ්‍යකර්මයක් කළාම දෙවියොත් හොදට සළකනවා. තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ලිපිගොනු වලට කොටුවෙන්න එපා. ලිපිගොනු වලින් රටක් හදන්න බැහැ. ලිපි ගොනු නොමැතිව රට හදන්න පුලුවන්. සෘජු නායකත්වය ගන්න. රෝගීන්ට සළකන්න. උදව් කරන්න. නිරෝගී බව ලබාදෙන්න. ජිවිත වෙනසකට ලක් කරන්න. සෑම වළාකුලක් යටින් ම රිදී රේඛාවක් තියෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සියලුම අතිරේක ලේකම්වරු, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු, සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු, ආයතන ප්‍රධානීන්, සියලුම සේවක සේවිකාවන් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya