මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    රේගු විභාගයක් ලබන 13දා

    ජනවාරි 10, 2018

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන 12 ක හා පිටපළාත්වල විභාග මධ්‍යස්ථාන 69 ක වශයෙන්  දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 81 ක පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 24 ක් යෙදා ඇත.

    මේ සඳහා සිංහල මාධ්‍යයෙන් 9,358 ක් ද, දෙමළ මාධ්‍යයෙන් 1,131 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 199 ක් වශයෙන් අයදුම්කරුවන් 10, 688 ක් පෙනී සිටීමට නියමිතය.

    සියලුම අයදුම්කරුවන් සඳහා පසුගිය 3 වනදා ප්‍රවේශපත්‍ර තැපැල් කොට යවා ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya