ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ගණිතය භාර නිලධාරීන් පිරිසක් සිංගප්පූරුවේ පුහුණුවකට

    ජනවාරි 21, 2018

    ගණිත විෂය භාර නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිංගප්පූ‍රුවේ පැවැත්වෙන විශේෂ ගණිත පුහුණු වැඩසටහනක් සඳහා සම්බන්ධවීමට විෂය භාර නිලධාරීන් 50 දෙනෙකු වෙත ගුවන් ටිකට් පත් ප්‍රදානය පසුගියදා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. 

    සිංගප්පූරුවේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙම කෙටිකාලීන ගණිත පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ගණිත විෂය භාර පළාත්, කලාප අධ්‍යාපන නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගී වීමට නියමිත අතර, අදියර දෙකක් යටතේ කණ්ඩායම් දෙකක් ලෙස මෙම පුහුණු වැඩසටහන පැවැත්වේ.

    ගණිත විෂය සම්බන්ධ ව ලෝකයේ ඉතා දියුණු අධ්‍යාපන ක්‍රමවේද භාවිත කරන රටවල් අතර සිංගප්පූරුව ප්‍රමුඛස්ථානයේ සිටින අතර, සිංගප්පූරුවේ සිසුන් ඉහළ වින්දනාත්මක විෂයක් සේ සලකා  ගණිතය හදාරනු ලබයි ගණිතය ඉගැන්වීමේ සහ ගණිත විෂය සංවර්ධනය කිරීමේ නවීන සාර්ථක ක්‍රමවේද හරහා ගණිතය සියලු සිසුන්ට ප්‍රිය විෂයක් බවට පත්කිරීම මෙම පුහුණු වැඩසටහන්වල ඉලක්කය වී තිබේ.

    එළඹෙන ජනවාරි 22 සිට පෙබරවාරි 02 වැනි දා වන තෙක් නිලධාරීන් 25කින් යුත් පළමු කණ්ඩායම ද, පෙබරවාරි 19 සිට මාර්තු 02 තෙක් දෙවැනි කණ්ඩායම ද මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතය. මේ  සඳහා නිලධාරීන් තෝරාගැනීමේ දී පළාත්, කලාප සහ ජාතික මට්ටමින් ගණිත අධ්‍යාපනය ඉහළ නැංවීම පිණිස අදාළ නිලධාරී විසින් ලබා දී ඇති දායකත්වය හා ඉටු කර ඇති මෙහෙවර සැලකිල්ලට ගෙන තිබේ. 

    පුහුණු වැඩසටහන මඟින් ලබාගන්නා අත්දැකීම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළට ගළපාගන්නා ආකාරය සහ විෂය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අධ්‍යාපන ශාඛාව හරහා සුපරීක්ෂණ ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya