ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සුව ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සහභාගී වෙයි

    ජනවාරි 21, 2018

    ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (21) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

    ලබන මැයි මස පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා සැසිවාරයේ දී සාකච්ඡා කරනු ලබන කරුණු පිළිබදව මෙහිදී තීරණය කිරීමට නියමිතය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට මෙවර හිමි වී ඇත. ඒ වසර 03 ක කාලයක් සදහායි. දකුණු ආසියානු කළාපයේ රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වසර 03 ක කාලයක් විධායක සභාව නියෝජනය කිරීමට නියමිතය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ ආරාධනයක් මත විධායක සභාවට සහභාගි වන සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී බෝනොවන රෝග පාලනය කිරිම සදහා ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග, අක්ෂි කාච සහ ස්ටෙන්ස් මිල පාලනය කිරිම, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම ඇතුලු ශ්‍රි ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම සදහා ගෙන ඇති වැඩපිළිවෙල පිළිබදව ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතය.

    මෙම සැසිවාරය හෙට (22) ආරම්භ වන අතර, එය (25) දින දක්වා පැවැත්වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya