ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මුදල ඉහළ නැංවීමට අවධානය

    ජනවාරි 25, 2018

    ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම හා කුසළතාවය නැංවීම උදෙසා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂිකව  පිරිනමන ජනමාධ්‍ය ශිෂ්‍යත්ව දීමනාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.


    වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසළතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් අරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව යටතේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට සහභාගී වෙමින් ලේකම්වරයා මෙසේ සඳහන් කළේ ය.

    කාලාණුරූපව විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍ය අධ්‍යාපන ආයතනවල පාඨමාලා ගාස්තු යම් යම් ප්‍රමාණවලින් ඉහළ ගොස් තිබෙන බවත් එම වැඩිවන මුදල් ජනමාධ්‍යවේදීන්ගේ සාක්කුවෙන් දැරීමට සිදුවන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. ඒ අනුව ශිෂ්‍යත්ව මුදල වසර 2018 සිට ඉහළ නැංවීමෙ හැකියාව සොයාබලන බවද සඳහන් කළේ ය.

    ඉතිරියේ දී මුදල ගණනය කිරීම තීරණය කරන බවද ප්‍රකාශ කළ ලේකම්වරයා,විශ්වවිද්‍යාල හා පුහුණු කිරීමේ ආයතනවල පාඨමාලා ගාස්තු වල තත්ත්වය සළකා බලන විට ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේ ය. ඒ අනුව මුදල් හා ජනමධ්‍ය අමාත්‍යාංශය ලබාදිය හැකි සියලු සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා තවදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya