ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කාන්තාවන් සඳහා මැතිවරණ කෝටාවක් ලැබීම භාග්‍යයක්

    ජනවාරි 25, 2018
    ලංකා ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් සඳහා මැතිවරණ කෝටාවක් ලැබීම භාග්‍යයක් යැයි කාන්තා සම්පත් මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක සුමිකා පෙරේරා මහත්මිය පැවසුවාය.
     
     DSC0547ඒ මහත්මිය මේ බව පැවසුවේ අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙම මාධ්‍ය හමුව "පළාත් පාලනය තුළ 25%ක කාන්තා කෝටාවේ වැදගත්කම" සම්බන්ධයෙන් කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    වසර 20ක පමණ අරගලයක ප්‍රතිඵලයක් ලෙස ලැබූ මෙම ජයග්‍රහණය අනාගත පළාත් පාලනයේ නව හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ද මෙම කර්තව්‍ය ඉටුකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජයට ස්තූතිවන්ත වන බවත් පෙන්වාදුනි.
     
    දකුණු ආසියාවේ රටවල්හි මැතිවරණය ක්‍රමයන්හි පංගු ක්‍රමයක් නොතිබුණු එකම රට ශ්‍රී ලංකාව බවත් පෙරේරා මහත්මිය වැඩිදුරටත් පෙන්වාදුන්නාය.
     
    මෙම අවස්ථාවට එක්වෙමින් විලිතු (Viluthu)සංවිධානයේ මෛත්‍රී රාජසිංහම් මහත්මිය පළාත් පාලන ආයතනයන් හි 25%ක ආසන ප්‍රමාණයක් කාන්තාවන් සඳහා වෙන්වීම ඉදිරියේ දී කාන්තාවන් සඳහා නව අවස්ථාවන් උදාවන්නක් බවත් ලංකාවේ  DSC0540කාන්තා ජනගහනය බහුතරයක් වුවත් දේශපාලන නායකත්වය සඳහා යොමුවීමේ දී අඩුවක් දක්නට ලැබෙන බවත් පෙන්වා දුන්නාය.
     
    ඉදිරියේ දී මෙම අවස්ථාව නව ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ඇතිකිරීම සඳහා ඉවහල් වන බැවින් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලා සිටි ඒ මහත්මිය කාන්තාව විදේශ විනිමය උපයමින් ලංකාවේ ආර්ථිකයට විශාල සහයෝගයක් ලබාදෙන බවත් පෙන්වාදුන්නාය.
     
     
     
    - DB - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya