ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය අඩු මට්ටමක

    ජනවාරි 28, 2018

    මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය ඉතාම අඩු මට්ටමක පැවැතීම සුබවාදී තත්ත්වයක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධානය මංජුල ගජනායක මහතා අද (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  මේ බව සඳහන් කළේ ය.

    පසුගිය මැතිවරණ සැසදීමේ දී මේ තත්ත්වය සැලකිය යුතු අඩුවීමක් බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය. ස්ථාන ස්වල්පයක පොලිතීන් භාවිතය දක්නට ලැබෙන බවද මංජුල ගජනායක මහතා කීය.

    සමස්ථයක් ලෙස මැතිවරණ කටයුතු සාමකාමී ලෙස පවතින බව කී ජාතික සංවිධාකවරයා, සිදුවීම්වලට අදාළ පැමිණිලි මැතිවරණ කොමිෂමට සහ පොලීසියට ලබාදී ඇති බවත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්
    සඳහන් කළේ ය.

    කාන්තා නියෝජනය දුර්මුඛ කිරීමට ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් එය කණගාටුවට කරුණක් බවත් මංජුල ගජනායක මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya