ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කරයි

    ජනවාරි 30, 2018

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත.

    මැතිවරණ කටයුතු ආශ්‍රිතව සිදුවන හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් පිලිබඳ සොයා බැලීම එහි මූලික අරමුණ වේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මේ සම්බන්ධයෙන් අඳහස් දක්වමින් සඳහන් කළේ, මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. කිසිම පක්ෂයකට වාසියක් හෝ අවාසියක් ඇතිවන ලෙස කටයුතු නොකළ යුතුයි. මේ කාර්යය මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධීක්ෂණය කරනවා.එමෙන්ම මැතිවරණ පැමිණිලි බාරගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇතැයි ද සඳහන් කළාය.

    මැතිවරණයේදී කාන්තා අපේක්ෂකයන් ඉලක්ක කරගනිමින් සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා පිලිබඳ මෙම ඒකකය විශේෂ අවධානයකින් කටයුතු කරන බව ද කොමිෂන් සභාව නිවේදනය කරයි. මෙවර මැතිවරණයේදී ද එවැනි අවස්ථාවන් පිළිබඳ වාර්තා වී ඇත. මැතිවරණ පැමිණිලි භාරගැනීමේ ඒකකය පැය විසිහතර පුරා ක්‍රියාත්මකවන දුරකථන අංක දෙකකින් සමන්විත වේ. එම ඒකකය ඇමතීමට පහත දුරකත, ෆැක්ස් අංක සහ විද්‍යුත් ලිපිනයන් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජනයාගෙන් ඉල්ලා සිටී.

    පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක: 077 3088135 හෝ 077 3762112

    ෆැක්ස් : 011 2505574
    විද්‍යුත් ලිපිනය- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya