ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ඊ-පළාත් පාලන පද්ධතිය ස්ථාපනය කිරීම තුළින් දූෂණය හා අක්‍රමිකතා දුරලනවා -අමාත්‍ය ෆයිසර් මුස්තෆා

    ජනවාරි 31, 2018

    මහජනතාව  විසින් පළාත් පාලන ආයතන වෙත කරනු ලබන සියළුම ගෙවීම් විද්‍යුත් කාඩ්පත් මගින් සහ ගෙව්ම් යන්ත්‍ර මගින් සිදු කිරීමට අදාළ ඊ - පළාත් පාලන පද්ධතිය දියත් කිරීමට පියවර ගැනේ.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සහ විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝටස් ශාලාවේ දී  පසුගිය දා පැවැත්විනි.

    ජනතාව  හා නිරන්තරයෙන් සම්බන්ධව වන  අත්‍යාවශ්‍ය ආයතනයක්  වන පාලන ආයතන මේ වන විට  ඉතා දූෂිත හා අකාර්යක්ෂම  තත්වයකට පත් වී ඇති බව   පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවසීය. වැඩිදුරටත්  අදහස් දැක් වූ  අමාත්‍යවරයා “මෙම දූෂණ  හා අකාර්යක්ෂමතා  නැති කිරීම සදහා   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ මග පෙන්වීම යටතේ  නව තාක්ෂණය පළාත් පාලන ආයතන සදහා  හදුන්වා දීමේ පළමු පියවර ලෙස පළාත් පාලන ආයතන 30 ක්  සදහා නව තාක්ෂණි ක්‍රමවේදයන්  ආරම්භ කරනවා. මේ සදහා  අපට විශාල ශක්තියක් වෙමින් ගරු විදුලි සන්දේශ හා ඩිජිටල්  යටිතල පහසුකම්  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සහ එම අමාත්‍යාංශය යටතේ  ඇති  ශ්‍රී ලංකා  තොරතුරු  හා සන්නිවේදන තාක්ෂණ  ආයතනය (ICTA) තුලින්  ලැබෙන සහාය  අගය කරනවා. පළාත් පාලන ආයතන තුළ ඇති  දූෂණය නැති කිරීමට  නොහැකිනම් රටක් ලෙස  කිසිසේත් ප්‍රගතිශීලීව ගමනක් යා නොහැකියි”.

     “අපි පෙරටු කාර්යාල (Front office) පිළිබදව  සෑහෙන කාලයක  සිට කථා කළත්, පළාත් පාලන ආයතන වල නිළධාරීන් සෘජුවම  මුදල් ගණුදෙනුවලට සම්බන්ධ විම නැවැත්වීම සදහා  තීන්දු තීරණ ගත යුතුයි. එම වාතාවරණය ඇති කිරීමේ පළමු පියවර වශයෙන් පළාත් පාලන ආයතන 30 කට  මුදල් ගණුදෙනු සෘජුවම කළ නොහැකි ලෙස හා  නව තාක්ෂණය හරහා  මුදල් ගෙවීමට මෙම  ඊ - පළාත් පාලන පද්ධතිය පහසුකම් සලසනවා.  යම් අයෙකුට  නව තාක්ෂණික ක්‍රමය යටතේ  මුදල් ගෙවීමට නොහැකි නම්  ඒ සදහා  අවශ්‍ය පහසුකම් සැපයීමට  අපි කටයුතු කරනවා”.

     මේ අවස්ථාව සදහා ගරු විදුලි සන්දේශ හා ඩිජිටල්  යටිතල පහසුකම්  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,   පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා, විදුලි සන්දේශ හා ඩිජිටල්  යටිතල පහසුකම්  අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා, ශ්‍රී ලංකා  තොරතුරු  හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති චිත්‍රාංගනී  මුබාරක් මහත්මිය ඇතුළු අමාත්‍යාංශ  නිලධාරීන් රැසක් සහභාගීවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya