ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සවසට තැනින් තැන වැසි

    පෙබරවාරි 01, 2018

    දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්  ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන  විශේෂයෙන් සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර  දිස්ත්‍රික්කවලත්  උදෑසන  කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

    රත්නපුර සහ ගාල්ල  දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මී. 75 පමණ)  ඇති විය හැක.

    මන්නාරම සිට කොළඹ දක්වා වන වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya