ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කරයි

    පෙබරවාරි 21, 2018

    විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගැනේ.

    මෙම ව්‍යාපාතියේ නිර්මාණ කටයුතු ලබන මාසය ඇතුළත අවසන්කි රීමට පියවර ගැනීමේ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී. දඹුල්ල ප්‍රදේශියේ ජනතාවගේ ඉල්ලීම මත නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි, අමාත්‍යංශයේ ලේකම්, හපුආරච්චි මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාව පැවත්විණි.

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය, ඉදීකිරීම් කටයුතු සඳහා කටයුතු කරන වාටෙක් සමාගම සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළත් මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකර කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

    දිනකට ඝන මීටර 65000 ධාරිතාවයකින් යුත් තුමුළුව, දිනකට ඝන මීටර 32000 කින් යුත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල පවිත්‍රාගාරය, සේවා ජලාශ 07ක් හා ජල කුළුණු 02 ක් පොම්පාගාර 02 ක් කි.මී 72 ක සම්ප්‍රේශණ නල මාර්ග හරහා ජලය පොම්ප කර කි.මී 220 ක බෙදා හැරීමේ පද්ධතියකින් සමන්විතව විසල් දඹුල්ල අදියර 1 ඉන්දියානු එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකා මහජන බැංකුවේ රුපියල් මිලියන 10,000ක ආධාර යටතේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

    දඹුල්ල, සීගිරිය හා ඉනාමළුව ප්‍රදේශ ආවරණය කරමින්එ ම ප්‍රදේශයන්ට අදාළ බෙදාහැරීමේ නල මාර්ග පද්ධති 2017 අගෝස්තු මස 30 දින අවසන් කර, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාත්මක
    හා නඩත්තු අංශය මගින් නව ජල සම්බන්ධතා 500 ක් පමණ මේ වන විට
    ලබා දී ඇත.

    තවද, පැරණි ජල සම්පාදන ක්‍රමයේ ලබා දී තිබූ ජල සම්බන්ධතා 5000ක් සඳහා වූ ජල හිඟයට පිළියමක් වශයෙන් ව්‍යාපෘතියේ නව ජල පවිත්‍රාගාරය මගින් පිරිපහදු කරන ලද ජලය ලබා දී දඹුල්ල නාගරික ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශයන්හි ජල පහසුකම් වැඩිදියුණු කිරීමට හා සේවා ආවරණය ඉහළ දැමීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මේ වන විට හැකියාව ලැබී ඇත.

     

    එසේම, මේ වන විට තලකිරියාගම, හබරණ තිත්තවැල්ලගොල්ල ප්‍රදේශ සඳහා වූ නව සේවා ජලාශ මගින් අදාල ප්‍රදේශයන්හි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම නොබෝ දිනකින්සි දුකිරීමට නියමිතව ඇත. තවද, ව්‍යාපෘතියේ කණ්ඩලම, කිතුල්හිටියාව සහ ගලේවල ප්‍රදේශවල ඉදිකළ සේවා ජලාශවල කටයුතු ද මේ වන විට අවසන්ය. ඉන් කණ්ඩලම හා ගලේවල සම්ප්‍රේශණ හා බෙදාහැරීමේ නල මාර්ග වල කටයුතු 2018 පෙබරවාරි මස අවසානයේ, කිතුල්හිටියාව සම්ප්‍රේශණ හා බෙදාහැරීමේ නල මාර්ග වල කටයුතු 2018 මාර්තු මස අවසන් වන විටත් නිම කිරීමට අපේක්ෂිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya