ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    විදේශිය පුහුණුව සඳහා තවත් විදුහල්පතිවරුන් 30 දෙනෙකුට ගුවන් ටිකට්පත්

    පෙබරවාරි 21, 2018

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන්30 දෙනෙකු විදෙස් පුහුණුව සඳහා අද (21) දිනයේ දී මැලේසියාව සහ සිංගප්පූරුව බලා  පිටත් වීමට නියමිතයි. එම විදෙස් පුහුණු සංචාරවලට අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම ඊයේ (20) සිදුකෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    විදුහල්පතිවරුන් සඳහා සැලසුම්කරණය, කළමනාකරණය, නවීන ඉගෙනුම් ක්‍රමවේද, අධ්‍යාපනය සඳහා නවීන තාක්ෂණය යොදාගැනීම සහ නායකත්ව වර්ධනය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විදේශීය අත්දැකීම් ලබාදීමමෙම වැඩසටහනේ මූලික අරමුණයි.

     

    මෙම වැඩසටහන යටතේ පසුගිය වසරේ දී දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි විදුහල්පතිවරුන් 226 දෙනෙකු විදේශීය පුහුණුවලබා ඇති අතර මේ වසරේ විදේශීය පුහුණු සංචාර සඳහා සහභාගී වන ප්‍රථම කණ්ඩායම මෙයයි. මෙලෙස ජාත්‍යන්තර පුහුණුව ලත් විදුහල්පතිවරුන්ගේ දැනුම හා අත්දැකීම් ඉවහල් කරගනිමින් මෙරට පාසල් පද්ධතිය නගා සිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික අභිප්‍රායයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya