ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කරයි

    පෙබරවාරි 24, 2018

    ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කිරීමට සමත් වී ඇති බව නාවික හමුදාව කියයි.

    මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදා සාගරික හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටුව සහ සාගරික සංරක්‍ෂණ අධීක්‍ෂණ ඒකකය මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

    එමෙන්ම පරිසර සුරැකීමේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ ද සමීපව කටයුතු කරන නාවික හමුදාව මේ වන විට දිවයිනේ බොහෝ පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘතීන් රැසකට සිය දායකත්වය ලබා දී ඇත.
    පසුගිය වසර 2 ක පමණ කාලය තුළදී සුළු ධීවර සම්මෙලන සමග එක්ව නාවික හමුදාව විසින් සමස්ථ දිවයින ආවරණය වන පරිදි මෙම කඩොලාන පැල ලක්ෂයකට අධික ප්‍රමාණය රෝපණය කිරීමට කටයුතු කර ඇත.

    ඒ අනුව ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය පෙබරවාරි මස වන දින 21 දින පානම කළපුවේ කඩොලාන පැල 700 ක් වගා කිරීමත් සමඟම පැල ලක්ෂයේ කඩයිම පසු කරන ලදී. එම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

    Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya