ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික අංශයේ සේවකයන්ටත් අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි

    පෙබරවාරි 28, 2018

    රාජ්‍ය අංශයේ සේවකයන්ට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට ලබා දී ඇති අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කිරීමට රජය සුදානම් බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පළ කලේ පසුගියදා පැවති ජාතික කම්කරු උපදේශන සභාවේදීය. කම්කරු අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

    පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වයස 55 සිට 60 දක්වා වැඩි කිරීම තුළින් රට තුළ පවතින රැකියා විරහිතභාවය තවත් වැඩිවෙනු ඇති බවත් එය තරුණ අසහනයට වැඩිවීමට හේතුවිය හැකි බවත් සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ අදහස විය.

    බොහෝ ආයතනවල ඉහල තනතුරු වලට පිවිසීමට කනිෂ්ඨ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට ඇති අවස්ථාව මේතුළින් ඇහිරීයන බවත් ඔවුන් මෙහිදී ප්‍රකාශ කරන ලදී. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික අංශයේ
    රැකියාවල දී කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන නිසා විශ්‍රම වයස 60 දක්වා වැඩි කිරීම පෞද්ගලික අංශයේ නිෂ්පාදන ඵලදායිතාවය පහල වැටීමට බලපානු ඇති බවත්ය.එම නිසා මේ පවතින ක්‍රමවේදය සුදුසු බවත් ඔවුන් අවධාරණය කරන ලදී.


    මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ බොහෝ ආයතන වල සේවකයන් ආර්ථික දුෂ්කරතාවයන් නිසා වයස 55න් පසුවත් සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි.නමුත් එම අවස්ථාවල එම සේවකයන් නැවත සේවයට බඳවා ගනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක සේවයෙන් අස්කිරීමේ පදනම ඇතිව බවත්ය.එසේම එම සේවකයන්ට විශ්‍රාම ලැබීමට පෙර ලබා දුන් දීමනා සහ අනෙකුත් පහසුකම් බොහෝ ආයතන වලදී ලබා නොදෙන බවත්ය.එසේම ලාංකීය පුරවැසියෙකුගේ ජීවත්වීමේ වයස අවුරුදු 75 සීමාවේ පවතින නිසා විශ්‍රාම ගොස් වසර 20ක් පමණ කාලය ගත කරන නිසා විශ්‍රම වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීම වඩාත් සුදු සු බවයි.


    පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීමට හාම්පුතුන්ගේ පාර්ශවය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අපහසුතාවය නිසා ජාතික විශ්‍රාම වයස සම්බන්ධව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමෙන් විධිමත් පර්යේෂණයක් සිදු කර ඔවුන්ගේ නිර්දේශ සහ යෝජනා ද සැළකිල්ලට ගෙන අවසන් තීන්දුවක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා කළ යෝජනාවට මෙහිදී සියළු පාර්ශවයන් හී එකඟතාවය පළ විය.

    මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් ,වෘත්තීය සමිති නියෝජිතයන්, ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya