ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් යුතුකම් සහ වගකීම කාලානූරූපීව කළ යුතුව තිබෙනවා - අධ්‍යාපන ඇමැති

    පෙබරවාරි 28, 2018

    කෙතරම් බාධක, අභියෝග සහ ගැටලු පැමිණිය ද කළ යුතු යුතුකම් සහ වගකීම් කාලානුරුපීව කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති ඇතැම් අවිධිමත් කටයුතු විධිමත් කිරීමට පවා ඇතැම් පිරිස් සිය විරෝධය පළ කරමින් සිටින බවයි.

    පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ පැරණි ව්‍යවස්ථාවට අනුව  02(I) ශ්‍රේණියට උසස් වීම් ලද නිලධාරීන් ස්ථානගත කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළ්ය.

    පවතින සමාජ රාමුවට අනුකූලව සෘජුව තීන්දු තීරණ ගෙන විනිවිදව ක්‍රියා කිරීමට අපහසු මට්ටමක් උදා වී ඇති බවත්, එම අපහසුතා මගහරවමින්, කළ යුතු වෙනස් කිරීමට උත්සුක වන මිනිසුන්ව ද සමාජය උපහාසයට ලක් කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කෙළ්ය.

    අමාත්‍යවරයා කියා සිටියේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා පවතින රජය ක්‍රියා කළ අයුරු සහ පෙර පැවති රජයන් ක්‍රියා කළ අයුරු කාලයක් යාමේදී සමාජයට අවබෝධ වනු ඇති බවයි.

    ඇතැම් පිරිස් සිය පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාපටිපාටීන් විවේචනය කළ ද පෙර පැවති ඇතැම් රජයන් මෙන්ම පෙර ඇතැම් අමැතිවරුන් සහ නිලධාරීන් ක්‍රියා කළ අයුරින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය අඩාල වන අයුරේ වැඩපිළිවෙළක් තමා අනුගමනය නොකරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අතිරේක ලේකම් සේනානි හේවගේ සහ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya