ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පොලිස්පති හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් අතර සාකච්ඡාවක්

    පෙබරවාරි 28, 2018
    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපකුලපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
     
    මෙහිදී විශ්වවිද්‍යාලයන් තුළ සිදු කෙරෙන නවක වදය වැළැක්වීම, විශ්වවිද්‍යාලයන් අසල පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පොලිසියේ සහය ලබා ගැනීම, විශ්වවිද්‍යාල සිසුන්ගේ සුභ සාධනයට හානිවන වෙනත් කටයුතු මැඩලීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් හට බාධාවකින් තොරව අධ්‍යන කටයුතු සිදු කිරීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීම සඳහා පොලිසියත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය.
     
    මේ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සී.ඩී. වික්‍රමරත්න, රථ වාහන දිසාව සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපකුලපතිවරුන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya