ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරය හෙට

    මාර්තු 01, 2018

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරය හෙට  (02) දින පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව 19 වන වරටත් අඛණ්ඩව සංවිධානය කරන ලද ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

    'ගුවන් හමුදා පැපදී සවාරිය' යනු මෙරට වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන බයිසිකල් ධාවන තරංග වලින් එකකි. මෙම තෙදින තරඟයේදී ජාතික මට්ටමේ ශ්‍රේණිගතකිරීම් වල ඉහලින්ම සිටින තරඟකරුවන් විශාල ප්‍රමාණයක් ශුරතාවය සඳහා තරග වදිනු ඇත.

    මෙවර පාපැදි සවාරිය කොළඹ ගුවන් හමුදා මුලස්ථානයේදී හෙට දින ආරම්භ වීමට නියමිතය. කොළඹ සිට පුත්තලම, හිඟුරක්ගොඩ, පොලොන්නරුව, මඩකළපුව හරහා අම්පාර තරුණ සේවා මධ්‍යස්ථානය දක්වා මෙම පාපැදි සවාරිය ගමන්කරන අතර එහි සම්පුර්ණ දුර කිලෝ මීටර් 447.4 ක් පමණ වේ. මෙවර ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතය. කාන්තා පාපැදි තරඟය මාර්තු මස 04 වන දින මඩකළපුව සිට අම්පාර දක්වා පැවැත්වීමට නියමිතය.

    ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය මාර්තු මස 03 වන දින සිට 05 වනදා දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතය. මෙම කාල පරිච්ඡේදය තුළ ගුවන් යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, සංස්කෘතික, සරඹ සහ තුර්යවාදක සංදර්ශන සහ රෙජිමේන්තු විශේෂ බලකා සටන් සංදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතය. මෙම සැණකෙළිය ප.ව 2.00 සිට රාත්‍රී 11.00 දක්වා මහජනතාවට විවෘත වන අතර අතුළුවීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya