ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වතුකරයෙන් මන්දපෝෂණය තුරන් කිරීමට ජනතාවගේ ආහාර රටාව වෙනස් කළ යුතුයි - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

    මාර්තු 01, 2018

    වතුකර ජනතාව විසින් අනුගමනය කරන ආහාර රටාව එම ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය වැඩිවීමට රුකුලක් වි ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.

    තේ වතු ආශ්‍රීතව ජිවත්වන ජනතාවගේ ආහාර ගැනිමේ රටාව ගමට වඩා වෙනස් වන බවත්, ඔවුන්ගේ ආදායම වැඩි වුණත් ආහාර ගැනිමේ රටාව වෙනස් නොකර වතුකර ජනතාවගේ මන්ද පෝෂණ තත්ත්වය තුරන්කල නොහැකි බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදී පෙන්වා දුන්නේය.

     

    නුවරඑළිය  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමේදි තවදුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ වතුකරයේ ජනතාව තවමත් පාන්පිටි වැඩිපුර පරිභෝජනය කරන බවත්,. ඔවුන්ගෙන් බහුතරය උදේ වැඩට යන්නේ රොටියක් වතුර බෝතලක් අරගෙන බවත්ය. ඔවුන් ගෙන යන රොටිය එළවළු සහ මැල්ලුම් වැනි දැ ඇතුලත් කර පෝෂදායි ආහාර වේලක් ලෙස සකස්කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය  බවත් පැවසීය.

     

    එසේම වතු අංශයේ ජනතාවට ගවයන් සිටියත් ඔවුන් නැවුම් කිරි පානය නෙකරන බවත්, ඒ වෙනුවට පිටිකිරි බොනබවත්, පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා වතු ක්ෂේත්‍රයේ ජනතාව අතර මන්දපෝෂනයට මෙයද හේතුවක් වි ඇති බව පැවසීය.

     

    ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට සෞඛ්‍ය අංශය ඇතුළත්ව කෘෂි අංශය,පශු සම්පත් අංශය ඇතු සියලු අංශ එකතුව ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ ද සහය ලබාගනිමින් වැඩසටහනක් සැකසිය යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya