ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    තෙල්දෙණිය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකෝපකකාරි ප්‍රකාශවලින් වැළකෙන්න - මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය

    මාර්තු 06, 2018

    මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ හෝ වගකීම් රහිත ප්‍රකාශ නොකරන ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද(06 ) පැවැති මධ්‍යම පළාත් සභා රැස්විමේ දී තෙල්දේණිය ප්‍රදේශයේ උද්ගතව ඇති තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    අදාළ සිදුවිම සම්බන්ධයෙන් විධිමත් හා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විමට ජනාධිපතිවරයා විසින් මේ වන විටත් පොලිසිය ඇතුළු වගකිව යුතු අංශ වෙත සියලු උපදෙස් ලබා දී ඇති බැවින් සිද්ධිය පිළිබඳව පෞද්ගලික අර්ථකතන එක් කිරිම හා මතවාද පැතිරවිම නුසුදුසු බව ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදි. ගැටළුවට සම්බන්ධ සියලු පාර්ශවයන් ලංකාවේ පුරවැසියන් වන බැවින් සියලු ම දෙනා ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බව ද පෙන්වා දෙන ලදි.

    මෙහි දී අදහස් දැක් වූ පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා පැවසුවේ මෙම සිදු විම මධ්‍යම පළාත තුළ සිදු වූවක් බැවින් එය සමතයකට පත් කිරිම සඳහා පුද්ගලිකව සෑම පළාත් සභා මන්ත්‍රීවයෙක් ම මැදිහත් විය යුතු බවයි. එහි දී පක්ෂ විපක්ෂ ජාති සහ වර්ග යන පදනම් සියල්ල නොසලකා ලාංකිකයන් ලෙස කටයුතු කිරිම වැදගත් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

    මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. විමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා රැස්විම පැවැත්විණී.

     

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya