ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පාසල් දරුවන් බෝනොවන රෝග වලින් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්

    මාර්තු 07, 2018

    පාසල් දරුවන් බෝනොවන රෝගවලින් ආරක්ෂා කර ගැනිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ජාතික වැඩපිළීවෙළක් දියත් කිරීමට සැළසුම් කර ඇත.

    මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී  ඊයේ (06) දහවල් පැවැත්විනි.

    පාසල් දරුවන් අතර බෝනොවන රෝග වර්ධනය වීම අවම කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන තෙක් සිදු කළ වැඩසටහන් ජාතික වැඩපිළිවෙළක් ලෙස දියත් කිරීමට මෙහිදී තීරණය විය.
     
    පාසල් දරුවන් බෝනොවන රෝග වලට ගොදුරුව ඇත්නම් ඒ පිළිබදව සෙවීම සදහා පාසල්වල බෝනොවන රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට ද තීරණය කරන ලදි. පාසල් ආපන ශාලා ප්‍රතිපත්තිය යළි සළකා බලා පෝෂ්‍යදායි ආහාර පමණක් අලෙවි කිරීමේ වැඩපිළීවෙළක් දියත් කිරීමට ද තීරණය විය.
     
    විශේෂයෙන්ම ත්‍රිපෝෂ සමාගම නිෂ්පාදනය කරන ධාන්‍ය ආහාර පාසල් ආපන ශාලාවල අලෙවි කිරීමට යොජනා විය.
     
    පාසල් දරුවන් මධ්‍යසාර සහ දුම්වැට් පානය කිරීමෙන් වළක්වා ගැනීම පිළීබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය මාසයක පමණ කාලයක් සිදුකළ සමීක්ෂණයකට අනුව පාසල් සිසුන් සියයට 5 ක් සහ සිසුවියන්  සියයට 1  ක් මධ්‍යසාර භාවිත කරන බව හෙළි වී ඇත. තව ද පාසල් සිසුන්  සියයට 15.6 ක් සහ සිසුවියන් සියයට 3 ක් දුම්කොළ භාවිත කිරීම, දුම්වැටි හා බාබුල් වර්ග භාවිතා කර ඇති බව සමීක්ෂණයේ දී අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ.
     
    සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය යන විෂය ධාරාව උසස් පෙළ දක්වා අධ්‍යයනය කිරිමට පාසල් දරුවන්ට අවස්ථාව උදා කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරුනි. පාසල් දරුවන් තැලසීමියා රෝගයට ගොදුරු වී ඇත්දැයි සෙවීම සදහා වැඩපිළීවෙළක් ආරම්භ කිරීමට ද නියමිතය. එහිදී 10 සහ 11 වන ශ්‍රේණිවල දරුවන් පරික්ෂා කිරීමට තීරණය කරන ලදි.
     
    ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මැදිහත්වීම මතය. අනාගත දරු පරපුර සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බවට පත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya