ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දිගන සිද්ධියේ වැරදිකරුවන්ට උපරීම දඩුවම් ලබාදීම අනුමත කරනවා- ඇමැති කබීර් හසීම්

    මාර්තු 07, 2018

    දිගන සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරීම දඩුවම් ලබාදීම සියලු දෙනා අනුමත කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හසීම් මහතා පැවසීය.

    රජය කාලයේ සිට සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ රටේ ස්වෛරීත්වය සහ ඒකීයත්වය වෙනුවෙන් මුස්ලිම් ජනතාව පෙනී සිටි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා සඳහන් කළේ ඇති වී තිබෙන තත්ත්වය තුළ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කරනු ලබන සුළු කණ්ඩායමක් සිටින බවයි.

    සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වැරදි අර්ථ කතන ලබාදීම සිදු වන අතර පක්ෂ ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    නීතිය හරහා සාමය ඇති කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ප්‍රකාශ කර තිබෙන බවත් මේ රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාවට රජය පියවර ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya