ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මහජන ආරක්ෂාව වෙනුවෙන් සමාජ මාධ්‍ය අත්හිටුවීම තාවකලිකව ගත් පියවරක්- ආරක්ෂක ලේකම්

    මාර්තු 07, 2018

    ඇතැම් සමාජ මාධ්‍ය  අත් හිටුවීම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට සමාජය ආරක්ෂා කිරීමට තාවකාලිකව ගත් පියවරක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති ලේකම් නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පවසයි.

    ආරක්ෂක ලේකම්වරය අද (7) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

    මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය  දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

    මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද පැවසීය.

    ෆේස් බුක් ඇතුළු සමජ ජාලා සම්පූර්ණයෙන් ම නවතා නෑ. සීමා කිරීමක් පමණයි සිදු කර තිබෙන්නේ. කලහකාරි  හා ජාතීන් අතර අසමඟිය ඇතිවීමට හේතුවිය හැකි නිසා, සහ ජාතික ආරක්ෂාවට බලපාන කාරණා නිසා සීමා කිරීම සිදු කෙරෙනවා.

    මෙය ආරක්ෂක තත්ත්වය,ජාතීන් අතාර, පුද්ගලයන් අතර කැළඹීම් ඇතිවීම වැළැක්වීමට තාවකාලිකව ගත් පියවරක්. මහජන ආරක්ෂාව තහවුරු කිරීමට,සමාජ ආරක්ෂාවට තාවකාලිකව මේ පියවර ගත් බවද ලේකම්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya