ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සමාජ ජාල අවහිර කළේ ජාතික ආරක්ෂාව සඳහායි - ජනාධිපති ලේකම්

    මාර්තු 08, 2018

    විවිධ සමාජ ජාල මඟින් ජනතාව තුළ වෛරී හැඟීම් ඇතිකරන අන්දමේ ප්‍රචාරයන් ගෙන යාම පෙනෙන්නට තිබෙන නිසා ජාතික ආරක්ෂව උදෙසා සමාජ ජාල මාධ්‍ය කීපයක් තාවකාලිකව අවහිර කිරීමට සිදු වූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනන්දු මහතා පවසයි.

    මේ නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව පිළිගන්නා බවත් මේ අවස්ථාවේ දී ජාතීන් අතර සමඟිය හා සාමය ඇති කිරීම සඳහා එවැනි පියවරක් ගත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (7) පැවැති මාධ්‍ය
    සාකච්ඡාවේදී පැවසීය.

    පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල හටගත් සිදුවීම් පිළිබඳව පොලීසිය හා බුද්ධි අංශ මඟින් සපයන ලද වාර්තා විමර්ශනය කිරීමෙන් පසු හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට ජනාධිපතිතුමා ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව පැවසූ ලේකම්වරයා, හදිසි නීති රෙගුලාසි සාමාන්‍ය ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝණය නොවන අයුරින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේ ය.එමෙන් ම මෙම හදිසි නීති රෙගුලාසි පැනවූයේ දින හතකට (7) පමණක් බවද ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya