ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    2017 වර්ෂයේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන පිරිනැමේ

    මාර්තු 08, 2018

    විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප්‍රදානය කරමින් ගෞරව දැක්වීමේ වර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාවේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා උන්නතිය වෙනුවෙන් තම වෘත්තීය අභිබවා යමින් නිර්මාණශීලි, නිපැයුම්, සොයා ගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කළ ගුවන් භටයාට සහ ගුවන් කාන්තාවට මෙම සම්මාන පිරිනැමීම සිදු විය.

    2017 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුළ එක් එක් වෘත්තීන්ට අදාළ හොඳම සේවා පුද්ගලයා තේරීමේ පිළිගත් ක්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හි අධ්‍යක්ෂක මණ්ඩල මඟින් සිදු කළ අධීක්ෂණයන් යටතේ පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කළ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කර තිබේ.

    ගගන ඉංජිනේරු. සාමාන්‍ය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිවේදන ඉංජිනේරු. සිවිල් ඉංජිනේරු සැපයුම්, පරිපාලන, මෙහෙයුම් හුම්, සෞඛ්‍ය සහ දත්ත වෛද්‍ය යන අංශයන්හි සේවා නියුතු වුවන් මේ සඳහා තෝරා ගෙන ඇත.

    ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කරනු ලැබේ. මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබන්නේ ගුවන් හමුදා මාණ්ඩලික නිලධාරී ඇතුළු ප්‍රධාන කමිටුවක් මගිනි.

    2017 වසරේ විශිෂ්ඨම ගුවන් භටයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ අංක 02 ප්‍රවාහන බලගණයේ සේවය කරන 20403 බලපන්ති සැරයන් සුසන්ත එච්පී (ගුවන් යානා ඉංජිනේරු ශිල්පි විශේෂ1) සම්මානයෙන් පිදුම් ලැබූ අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදු දියතලාව සටන් පුහුණු පාසලේ සේවය කරන 3238 කෝප්‍රල් රුක්ෂානි විසිකේ (මෙහෙයුම් භූමිII) පිදුම් ලැබීය.

    මෙහිදී විවිධ සොයා ගැනීම් සිදු කරන ලද කණ්ඩායමට ද සම්මාන පිරිනැමීම සිදු වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා එත්මලාන මූලික කදවුරේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංග කණ්ඩායම සම්මාන ලබා ගැනීමට සමත් විය.


    මෙම සම්මාන උළෙලෙහි හොඳම තත්ත්ව පාලන කමිටුව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුර සම්මානය දිනා ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya