ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂක රාජ්‍ය ඇමැති මල්වතු නාහිමියන් මුණගැසේ

    මාර්තු 08, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබූ නොසන්සුන්කාරී වාතාවරණය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

    මහනුවර මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ත්‍රිවිද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මහනුවර දිස්ත්‍රික්කයේ සාමය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා යලිත් එවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම
    වැළැක්වීම සඳහා මහා නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

    මෙම විශේෂ සාකච්ඡාවෙන් පසුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් මහනුවර දී  අද (මාර්තු 08) පැවති අතර, ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ එහිදී  සාකච්ඡා කළේ ය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා දිගන, තෙල්දෙනිය, තැන්නේකුඹුර, ඇතුළු ප්‍රදේශ කිහිපයක
    නිරීක්ෂණයකට සහභාගිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya