ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අසත්‍ය ප්‍ර‍චාර ගෙන ගිය ප්‍ර‍ධාන සැකකරු අමිත් ජීවන් වීරසිංහ අත්අඩංගුවට

    මාර්තු 08, 2018

    ජාතික අසමගිය ඇති වන ප්‍ර‍චාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කිරීමට කුමන්ත්‍ර‍ණය කළ හා කරමින් සිටි පුද්ගයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එහි ප්‍ර‍ධාන සැකකරු ලෙස පතිරණගේ අමිත් ජිවන් වීරසිංහ යන අය හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ එහි ප්‍ර‍ධාන සහයක ලෙස කටයුතු කළ බවට සුරේන්ද්‍ර‍ සුරවීර නැමැත්තා හඳුනාගෙන ඇති බවයි.

    මහනුවර ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ත්‍ර‍ස්ත විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු කණ්ඩායමක් මහනුවරට පිටත් කර යවා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහිත කණ්ඩායම් කිහිපයක් ද එහි යවා තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙවැනි වැරදි සඳහා අත්අඩංගුවට පත් වූ පුද්ගයින්ට ඇප ලබාගැනීමට වුවද ඉතා සුවිශේෂී වූ කරුණු ඉදිරිපත් කළ යුතු බවත් 2018 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන සහ බලතල) රෙගුලාසි යටතේ කටයුතු සිදු කරමින් පවතින බව ද මාධ්‍ය ප්‍ර‍කාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya