ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ළමා ආරක්ෂාව පිළිබඳව කාන්තා වෘත්තිකයන් දැනුවත් කරයි

    මාර්තු 09, 2018

    ''දියුණුවේ මං පෙත් හෙළිකරයි. ඇය සවිමත්'' යන්න මෙවර කාන්තා දිනයේ තේමාව යටතේ මාර්තු මස 08 වනදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ළමා ආරක්ෂාව පිළිබඳව හා ගැහැණු ළමයාගේ අයිතිවාසිකම් පිළබඳ කාන්තා වෘත්තිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

    මෙහිදී නීතිඥවරියන්, වෛද්‍යවරියන්, මහේස්ත්‍රාත්වරියන්, හෙදියන්, ගුරුවරියන් ඇතුලු කාන්තා වෘත්තිකයින් හට ළමා ආරක්ෂාව සහ ගැහුණු ළමයා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීමට අදාළව ප්‍රකාශන බෙදා හැරීමක් සිදු කෙරිණි.

    මෙහිදී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සරල පිටපත, ළබැදි සඟරාව, ළමා කරූරත්වය වැළකීමට අදාළ ග්‍රන්ථය, හොඳ ස්පර්ශය හා නරක ස්පර්ශය පිළිබඳ මඟ පෙන්වීමට අදාළ ප්‍රකාශන, අන්තර්ජාලය තුළින් සිදුවන ළමා අපයෝජක්ය අවම කිරීමට අදාළ ප්‍රකාශන හා නිසි කළට නිසි දේ සිදු කර ජීවිතය ජය ගැනීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් කර දියණි වරුන් වෙනුවෙන් සකසන ලද ප්‍රකාශන බෙදා හරිමින් දැනුවත් කිරීම විශේෂත්වයකි.

    එමෙන්ම ළමා විවාහ වැළක්වීමට අදාළ හා 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය ප්‍රචලිත කිරීමට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිෂ්පාදනය කරන ලද ''පුනරාවලෝකනය'' නම් කෙටි චිත්‍රපටය පිළිබඳව කාන්තා වෘත්තිකයින් දැනුවත් කිරීම හා ඊට අදාළ සංයුක්ත තැටි බෙදා හැරීමද සිදු කෙරිණි.

    සියලු කාන්තාවන් සහ දියණිවරුන් සඳහා නිසි තැන හිමි විය යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තරයේ විශ්වාස කරන අතර, දියණිවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඕනෑම කාරණයක් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ වන ලෙසටද වැඩිදුරටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා ඉල්ලා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya