ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයට පැමිණිලි 126ක්

    මාර්තු 09, 2018

    උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් දවසේ පැය 24 පුරා ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ සඳහා දූරකත හා විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිලි 126ක් මේ වන විට ලැබී ඇති බවත් එම පැමිණිලි විමර්ශනය කිරීමට අදාළ අංශ වෙත යොමු කර තිබෙන බවත් රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.

    කොළඹ පොලිස් මූලස්ථායේ අද (09) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයේ දූරකථන අංක 0711 261 261 අංකයට පැමිණිලි 23ක් සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලට පැමිණිලි 103ක් ලැබී ඇති බව ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

    මහනුවර ඇති වූ සිද්ධිය සමතයකට පත් කිරීම වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව පෙන්වා දුන් ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අසත්‍ය ප්‍ර‍චාරයන්ගේ ගොදුරක් බවට පත් නොව ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya