ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට සම්මාන ප්‍රදානය කෙරේ

    මාර්තු 10, 2018

    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ සාම්ප්‍රදායික කර්මාන්තයන්හි නියැලෙන කර්මාන්තකරුවන් සදහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල - (ශිල්ප අභිමානි 2017) පසුගිය දා රත්නපුර පළාත් සභා පරිශ්‍රයේ දී පැවැත්විණි.

    මෙම සම්මාන උළෙලදී මැටි,කෙදි පත්‍ර හා තෘණ, දුම්බර රටා, ලෝහ,ආභරණ, වෙස් මුහුණු හා රූකඩ, කැටයම් මුහුණු, සංගීත භාණ්ඩ, රෙදි පිළි, බතික්, රේන්ද, ලාක්ෂා, දැව, සම්භාණ්ඩ, පාෂාණ,චිත්‍ර හා මූර්ති, පොල්, කිතුල්, තල්, සිහිවටන, සේසත් ඇතුළු ක්ෂේත්‍ර 21 සඳහා මෙහිදී සම්මාන හා මූල්‍ය ප්‍රදානය සිදුකරනු ලැබීය.

    කර්මාන්තකරුවන් 195 දෙනෙකු සම්මානයට පාත්‍ර වූහ.

    එමෙන්ම 2017 වර්ෂයේ ජාතික හස්ත කර්මාන්ත තරගයේදී සබරගමුව පළාත සිව්වන ස්ථානය දිනාගත් අතර එහිදී රජත සම්මාන 03ක්, ප්‍රථම ස්ථාන 05ක්, දෙවන ස්ථාන 06ක්, තෙවන ස්ථාන 06 සහ  කුසලතා සම්මාන 30 ද දිනාගනු ලැබීය.

    එම ජයග්‍රහකයින්ද මෙහිදී ඇගයීමට ලක්කරනු ලැබීය.

    මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා, ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න සහ පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ඩී.එම්.මාලිනී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya