ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    මාර්තු 10, 2018

    දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ)බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතිනු ඇත.

    දිවයිනේ උතුරු අර්ධයේ විටින්විට හමන (පැ.කි.මී 40-45දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තුවේ.

    නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගලදිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර,මඩකලපුව,ගාල්ල,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල (මි.මි 100 පමණ) තද වැසි බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya