ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ග්ලෝකෝමා රෝගීන් හඳුනා ගැනීමට සංගණනයක්

    මාර්තු 12, 2018

    ශ්‍රි ලංකාවේ ග්ලෝකෝමා රෝගය වැළඳුණු අක්ෂි රෝගීන් සම්බන්ධයෙන් ඉදිරියේ දිි සංගණනයක් පැවැත්විමට කටයුතු කරන බව Glaucoma Interest Group හි සභාපති බව අක්ෂි විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය
    සඳහන් කළා ය.


    කොළඹ ජාතික අක්ෂි රෝහලට දිනකට පැමිණෙන අක්ෂි ආබාධ සහිත රෝගින්ගෙන් 15%-20% ත් අතර ප්‍රතිශතයක් ග්ලෝකෝමා රෝගයට ගොදුරු වුවන් බවට හඳුනා ගෙන ඇති බව වෛද්‍යවරිය සඳහන් කළා ය.

    2013 සංගණනයට අනුව අවුරුදු 40 -80 ත් අතර ජනගහනයෙන් ග්ලෝකෝමා රෝගය වැළඳුණු ප්‍රවණතාවය  3.54% කි.ලෝකයේ ග්ලෝකෝමා රෝගය වැළඳි ඇති සංඛ්‍යාවෙන් මිලියන 64.3 කි.2020 වන විට මෙම
    රෝගය ගොදුරු විමේ හැකියාව ඇති ජනගහණය මිලියන 76කි.2040 වන විට මෙම ප්‍රමාණය මිලියන 111.8 ක් දක්වා ඉහළ යන බව ද සෞඛ්‍ය වාර්තා අනාවරණය කරයි.

    විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ, අද (12) කොළඹ, අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමාව පිළිබඳව  මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya