ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රටේ ඉදිරිගමනට දායකවිය හැකි පරපුරක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කළ යුතුයි- ඇමැති නවීන් දිසානායක

    මාර්තු 12, 2018

    විශ්වවිද්‍යාලවලින් පිටවන සෑම ළමයෙක්ටම රජයේ රැකියා සඳහා යොමු කිරීම වෙනුවට රටේ ඉදිරිගමනට දායකවිය හැකි පරපුරක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කිරීම රජයේ වගකීම බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවති උත්සවයක් අමතමිනි.

    වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනය අවධානය යොමු  තිබෙන අතර වැවිලි ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනය ගැන අවධානය යොමු කරන විට පරිසරය ආරක්ෂා කිරීම, අගය එකතු කිරීම, මානව සම්පත් සංවර්ධනය විශේෂ වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    අපගේ ආදායම වැඩි කිරීම, වියදම අඩු  කිරීම,  කළමනාකරණය දියුණු කිරීම, දූෂණය නාස්තිය අඩු කිරීම යන කරුණු සඳහා නොබියව අවශ්‍ය තීරණ ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙරට වැවිලි ක්ෂේත‍්‍රයේ අලුත් සොයා ගැනීම් අවශ්‍ය වන අතර විශේෂයෙන්ම පුද්ගලික අංශය මේ සඳහා සක‍්‍රීය දායක්තවය ලබාදිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා ඒ වගේම ව්‍යවසායකත්වය වැඩි දියුණු කළ යුතු අතර ව්‍යවසායකත්වය පිළිබඳ පාසලේ සිට ඉගැන්විය යුතු බව පැවසීය.

    අපේ අධ්‍යාපන ක‍්‍රමය ඒ සඳහා වෙනස් විය යුතු අතර කටපාඩම් කරන ක‍්‍රමය වෙනුවට අලුත් දේවල් හිතන්න පුලුවන් විදියට අධ්‍යාපන ක‍්‍රමය වෙනස් විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya