ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අරමුණ කොට්ඨාසයට වග කියන ගමේ නියෝජිතයෙකු පත් කර ගැනීමයි

    මාර්තු 14, 2018

    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම තුළින් රජය බලාපොරොත්තු වූ ප්‍රධානතම අරමුණක් වූයේ ගමට කොට්ඨාසයට වග කියන ගමේ නියෝජිතයෙකු පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තා මහතා සඳහන් කළේය.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ප්‍රථම වරට කිසිදු ජීවිත හානියෙක් සිදු නොවූ මැතිවරණයක් ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණය හඳුන්වා දිය හැකි බවත් අමාත්‍යවරයා පැවසිය.

    කාලයක් තිස්සේ මුල් බැස ගත් ,අනෙකා නොඉවසන මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සංස්කෘතියක් සහිත සමාජයක මෙම ප්‍රචණ්ඩත්වයෙන් තොර ප්‍රවණතාව තීරණාත්මක ඉදිරිගාමී පියවරක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එහිදී කිසිදු දේශපාලන පක්ෂයක ආධාරකරුවකු හෝ නියෝජිතයෙකු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුහුණ පෑවේ නැති අතර එවැනි දේ කිරීමට ද උත්සාහ නොගැනීම විශේෂත්වයක් බව ද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනෙකු පමණක් රෝහල් ගත කිරීමට සිදු වීම පෙරට සාපේක්ෂව සතුටු විය හැකි කාරණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම තුළින් රජය බලාපොරොත්තු වූ ප්‍රධානතම අරමුණක් වූයේ ගමට කොට්ඨාසයට වග කියන ගමේ නියෝජිතයෙකු පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම බවත් එහිදී ජාතිකත්වය මත බහු කොට්ඨාස හඳුන්වාදීම තුළින් සෑම ජන වර්ගයකටම සර්ව සාධාරණයට නියෝජිතයින් පත් කර යැවීමේ අවස්ථාව රජය සළසා දුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya