ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සමබර මනසක් සහිත පරපුරක් සඳහා විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය - අධ්‍යාපන අමාත්‍ය

    මාර්තු 15, 2018

    සමබර මනසකින් සහ සමබර පෞරුෂයකින් යුතු අනාගත පරපුරක් බිහිකිරීම උදෙසා විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය ලබාදීම අතිශය වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙරෙන්නේ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රමවේදයම පමණක් නොවන බවයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති, කොළඹ ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාක සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ (14) මේ අදහස් පළ කළේය.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට, සෑම පාසල් සිසුවෙකුම, සිය පාසල තුළ කිනම් හෝ ක්‍රිඩාවක නිරත වීම අනිවාර්යය කළේ ද එම පසුබිම තුළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන හරහා රටේ සියලු සිසු දරුවන් විවිධ විෂය පඨයන් තෝරාගනිමින් ඉදිිරියේ දී උසස් පෙළ විෂය ධාරාව හදාරනු ඇත. එම විෂය මාලාවට ක්‍රීඩා විෂය ද ඇතුළත් වන බව අධ්‍යාපන අමාත්‍යවරයා, එලෙස ශක්තිමත් වූ අධ්‍යාපනයක් හරහා බිහිවන සමබර පෞරුෂයකින් යුත් අනාගත පරපුරක දැනුම සහ ශ්‍රමය, දේශය ගොඩනැගීමේ කාර්යය සඳහා උපරිම ලෙස භාවිතා කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya