ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් දිවයිනට

    මාර්තු 15, 2018

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා එක්දින සංචාරයක් සඳහා 2018 මාර්තු මස 14 ඊයේ දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

    අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය, 1957 වසරේදී පිහිටුවන ලද අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව, අන්තර් රාජ්‍ය කටයුතු සිදු කරන, විද්‍යා හා තාක්ෂණයේ උන්නතිය උදෙසා කැපවූ ස්වාධීන ආයතනයකි.

    අද වන විට, අන්තර්ජාතික පරමාණුක බල ශක්ති නියෝජිතායතනයේ තාක්ෂණ ආධාර ඔස්සේ, ශ්‍රී ලංකාව න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී භාවිත ඔස්සේ යමින් ප්‍රශස්ත මට්ටමේ ජයග්‍රහණ සපුරාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවට මහඟු සේවාවක් ලබාදෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික වෛද්‍ය ඒකකය, ශ්‍රී ලංකා ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථානය, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ඒ අතුරින් කැපී පෙනෙයි.

    තව ද, අන්තර්ජාතික පරමාණුක බල ශක්ති නියෝජිතායතනය ඔස්සේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ, භෞතික වෛද්‍යවේදීන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය උදෙසා විවිධ පරිමාණයේ විදේශීය පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදිය සඳහා සහභාගීවීමට අවස්ථාවන් සලසා දෙනු ලබයි.

    යුකියා අමානෝ මැතිතුමා ශ්‍රි ලංකාවේ සංචාරය කරන කාලය අතරතුර ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ආයතන වන ශ්‍රි ලංකා ගැමා මධ්‍යස්ථානය හා නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ සංචාරය
    කිරිමටද නියමිතය. මෙම විද්‍යාත්මක ආයතන දෙක පිහිටුවිමේදි අන්තර්ජාතික පරිමාණු බලශක්ති නියෝජිතායතනයේ තාක්ෂණ ආධාර ප්‍රශස්ත මට්ටමෙන් ලැබුණු අතර වර්තමානයේදී විවිධ පැතිකඩ ඔස්සේ ඒවා තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

    තවද, අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් යුකියා අමානෝ මහතා, ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේද සංචාරය කිරිමට නියමිතය.

    අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති ලක්‍ෂිත ජයවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස විසින් පිළිගන්නා ලදී.

     

     

    baklashakthi

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya