ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ධිවර අමාත්‍යාංශයේ විද්වත් බුද්ධි මණ්ඩල මෙහෙයුම් කම්ටුව හමුවෙයි

    මාර්තු 16, 2018

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ විද්වත් බුද්ධි මණ්ඩලයේ මහෙයුම් කම්ටුව  ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පසුගිය දා හමුවී සිය ප්‍රථම විද්වත් හමුව පැවැත්වීය.


    ධිවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයගේ නිල කාර්යාලයේදී මෙම විද්වත් හමුව  පැවැතිනි.

    රාජ්‍ය අමාත්‍යවරයා විසින් ධිවර කර්මාන්තයට හදුන්වා දුන් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ නවෝත්පාදන ක්ෂේත්‍ර ඔස්සේ ධිවර කර්මාන්තය මෙහෙයවමින් නව රැකියා අවස්ථා විවර කරමින් හා නව ආදායම්  මාර්ග විවර කරගනිමින් රටට ආදායම් උපයන ප්‍රධාන කර්මාන්තය බවට ධිවර කර්මාන්තය පත්කිරීමේ  වැඩපිළිවෙල යටතේ මෙම බුද්ධි මණ්ඩල පිහිටු වීම සිදු විය .

    මෙම බුද්ධි මණ්ඩලය මගින් ධිවර ක්ෂේත්‍රයට අදාලව තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා  දායක වනු ඇත. මෙම බුද්ධි මණ්ඩලය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවිය . පුළුල් දැනුම් සම්භාරයක් සහිත ක්ෂේත්‍රයක් පිළිබද හසල දැනුමක් ඇති ප්‍රවිනයින්ගෙන් සමන්විත මෙම බුද්ධි  මණ්ඩලය මගින් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ද දායක කරගනිමින් තීරණ ගැනීමේදී ප්‍රජාව මුලික කරගත්  වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ධිවර ක්ෂේත්‍රයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම සදහා නව මුහුණුවරක් ලබා දෙනු ඇත . එය “ නිල් ආර්ථික  ” වැඩපිළිවෙල හා අනුගත වනු ඇත . ඊට අමතරව ධිවර ක්ෂේත්‍රයට අදාළ විදේශ ආයෝජන ලබාගැනීමටද මෙම
    විද්වත් බුද්ධි මණ්ඩලයේ දායකත්වය ලැබෙනු ඇත . නව තාක්ෂණික ක්‍රමෝපායන් සහ හිතකර ප්‍රතිපත්ති ධිවර ක්ෂේත්‍රයේ නිරත පිරිස් අතර සන්නිවේදනය  කිරීම මෙම බුද්ධි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීම පහසු වනු ඇති අතර ඒ සදහා නිසි වැඩපිළිවෙලක්  සැකසීමද ඔවුන් විසින් ඉටු කරනු ඇත .

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ධිවර කර්මාන්තය හුදෙකලා නොකොට ධිවර හා සංචාරක යන ක්ෂේත්‍ර එක් මාවත ගමන් කරමින් රටට නව රැකියා බිහිකර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රවේශයක් සදහායොමු විය යුතු බවය . එමගින් ධීවරයා ව්‍යාපාරිකයෙකු කිරීම ඉතාම පහසු වනු ඇති බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යතුමා මෙය අනාගත ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ගමන් මගේ හැරවුම් ලක්‍ෂය බවට පත් වනු ඇති බව තම විශ්වාසය යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය .

    මහ සාගරය මත පියනැගීම ආරම්භ කල බව මා පැවසුවේ සාගර සම්පත් නෙලා ගැනීමේදී ලංකාව තවමත් ඉතාම පහල අඩියක සිටින බැවින් මෙම බුද්ධි මණ්ඩල පිහිටවීම මගින් ඒ අසීමිත සම්පත් සහිත සාගරය හා සමීප වීමට හැකි වී ඇති බව යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .


    මෙම අවස්ථාවට බුද්ධි මණ්ඩල මෙහෙයුම් කම්ටුවේ සාමාජිකයින්ට අමතරව රාජ්‍ය ලේකම් අබ්දුල් මජිඩ් මහතා , රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් දිනේෂ් කුමාර හා රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක අයේෂ් රණවක යන මහත්වරුන් ද එක්ව සිටියහ






    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya