ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රස පරීක්ෂක දෙපාර්ත‍මේන්තුවේ කටයුතු සාර්ථකව සිදු කිරීම සදහා රජය උපරිම පහසුකම් ලබා දෙනවා

    මාර්තු 17, 2018

    රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙරට අධිකරණ කටයුතු සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන බවත් එහි කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය සහාය උපරිම වශයෙන් ලබා දෙන බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.


    අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

    එහිදී අමාත්‍යවරිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති අධිකරණ විද්‍යා අංශය ,ගිනි අවි හා ප්‍රක්ෂිප්ත විද්‍යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි විමර්ෂණ මත් ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා ඩී.එන්.ඒ.අංශය වැනි අංශ වෙත ගොස් ඒවායේ කටයුතු පිළිබදව සොයා බැලුවාය.

    විශාල වැඩ කොටසක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් එය අගය කරන බවත් එහිදී අමාත්‍යවරිය සදහන් කළාය. සිදු කරනු ලබන කාර්යක්ෂම සේවය සදහා දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට ස්තුතිය පළ කරන බවත් අධිකරණ අමාත්‍යවරිය පැවසුවාය.

    නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් .එම්.එම්.ආර්.අදිකාරී, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් කුමාරි, රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංග යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya