ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද පළාතේ අක්කර 1000 ක ඖෂධ පැලෑටි වගා කිරීමේ ව්‍යාපෘතියකට යෝජනාවක්

    මාර්තු 18, 2018

    දේශීය ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හ දේශීය වෛද්‍ය අමාත්‍ය ඩොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කාර්යාලය සහ අලෙවි සැල අනුරාධපුර බැංකු පෙදෙසේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ විවෘත කරන ලදි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 2.5 ක ආදායමක් ලබා තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් දේශීයව මෙන්ම විදේශීයව ද පවතිනවා. දේශීය ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඔසු උයන් ද වගා කරනවා. අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පුරා ඉඩම් අක්කර 1000 ක පමණ ආයුර්වේද ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

    එමගින් ස්වයං රැකියා ද තරුණ තරුණියන්ට ලැබෙනවා. කෝමාරිකා වගා කිරීම ද මේ අතර සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ. කෝමාරිකා අස්වනු නෙළීමට ගත වන්නේ මාස 06 ක කාලයක්. එමගින් විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. 2017 වසරේ දී ලෝකයේ ආයුර්වේද ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් අලෙවි කර තිබෙනවා. එය වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවනවා.”


    “කංසා වගා කිරීම පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපා රටවල ලොකු ඉල්ලුමක් තිබෙනවා. ස්නායු රෝග සදහා කංසා ඖෂධය උචිත බව වෛද්‍ය මතයයි. කංසා දුම ඉරීම, උචිත නොවූවත් ඖෂධ වශයෙන් භාවිත කිරීම උචිත බව ආයුර්වේදයේ සදහන් වෙනවා. බ්‍ර්තාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙර අපේ රටේ ජනතාව කංසා ඖෂධයක් ලෙස භාවිත කළා. ඇතැම් අය එය පානය කළා. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයින් දුම්කොළ වගාව ප්‍රචලිත කිරීම සමග කංසා වගා කිරීම තහනම් කළා. එම නීති රීති තමයි අදත් ක්‍රියාත්මක වන්නේ. නමුත් කංසා සදහා විශාල ඉල්ලූමක් පවතිනවා. ආයුර්වේදය සදහා අවශ්‍ය අබිං පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.”
    මෙම අවස්ථාවට අමාත්‍ය පී. හැරිසන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා, අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya