ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියෙන් නව නිවසක් ප්‍රදානය කෙරේ

    මාර්තු 19, 2018

    ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද දෙවන නිවස, නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 15 දිනකළුතර ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

    නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියගේ පියාත් සහෝදරයාත් පූර්ණ ආබාධිත තත්වයෙන් පසුවීම නිසා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම නිවස ඇයට ප‍්‍රධානය කිරීමට තීරණයකරන ලදී.

    මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නාමාවට පත් කරන ලදී.


    සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්.ආර්.කේ සමරසිංහ මහතා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් මොහාන් බාලසූරිය මහතා ඇතුළු නිළධාරීන් ද සෙසු නිළයන් ද සහ සේවා වනිතා ඒකකයේ නියෝජතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    airforce

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya