ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වසර 42කට පසු ධීවර සංගණනයක්

    මාර්තු 19, 2018

    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව පිළිබඳ විධිමත් සංගණනයක් මෙම වසර තුළ සිදු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත්දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

    අමාත්‍යවරයා මෙම උපදෙස් පසුගිය 16 දින දෙන ලද්දේ ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රුස්වීමකට සහභාගි වෙමිනි.

    ශ්‍රී ලංකාවේ මුල් වරට ධීවර ප්‍රජාව පිළිබඳ සංගණනයක් සිදු කර තිබෙන්නේ 1976 වර්ෂයේයි. ඉන් අනතුරුව ගත වූ වසර 42ක කාලය තුළ එවැනි සංගණනයක් පවත්වා නැත. එමනිසා දැනට ධීවර කටයුතුවල නිරතවන ධීවර කාර්මිකයින් පිළිබඳ නිවැරදි දත්ත හඳුනාගැනීම සඳහා මෙම මෙවැනි සංගණනයක් සිදු කළ යුතු බව අමාත්‍යවරයා කීය.

    ඒ අනුව වර්තමානයේ ධීවර අංශයේ නියුතු පුද්ගලයින් සංඛ්‍යාව හා ඔවුන්ගේ පවුල්වල තොරතුරු, කරදිය හා මිරිදිය අංශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රමාණයන්, ඔවුන්ගේ ආදායම් තත්ත්වයන්, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් හි සිදුව ඇති වෙනස්කම්, මෙන්ම ඉදිරි ධීවර සංවර්ධන කටයුතු වල දී ප්‍රමුඛත්වය ලබා දිය යුතු අංශ හඳුනාගැනීම මෙම සංගණනයේ අරමුණු අතර වේ.

    ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව එම සංගණනය පවත්වන ලෙසත්, එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡාවක් සුදානම් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.
    මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya