ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පිරිසිදු ජලය ලබාදීමට නුවරඑළිය මහ නගර සභාව කැපවෙනවා - නුවරඑළිය නාගරික කොමසාරිස්

    මාර්තු 21, 2018
    නුවරඑළිය නගර සීමාවේ පානීය ජලය පිරිසිදු කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින්  ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට නුවරඑළිය මහ නඟර සභාව නිරතුරුවම කටයුතු කරන බව නුවරඑළිය නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්ලියු.බණ්ඩාර මහතා පැවසීය.
     
    නාගරික කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ, නගර සභා බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ කිහිපයකින් ලබා ගත් ජල සාම්පල වල  අසූචි මිශ්‍ර බවට හෙළිවීම පිළිබඳව රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසුමට ප්‍රතිචාර දක්වමිනි.
    මේ අනුව ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් විධිමත් කළ බව නාගරික කොමසාරිවරයා පැවසීය.
    නුවරඑළිය නගරයට ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවල කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඇතැම් ප්‍රදේශ හරහා  භූමියේ එලා ඇති භූගත ජල නල දශක කිහිපයක් පැරණි වීම මත ඒවාට හානී සිදු වී අපජලය බටතුළට එක් වන බවට සැක කරන බවත් නාගරික කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේ  ය. 
    කෙසේ වෙතත් මේ පිළිබඳව අවධානය යොමු කරමින්  සියළුම තත්ත්වයන්ට ගැළපෙන පරිදි ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් රසායනිකය යොදන බව ද පැවසූ නාගරික කොමසාරිවරයා, මෙම ජල නල නැවත සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද මේ වන විට අරම්භ කර ඇති බව ද පැවසීය.
    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -නුවරඑළිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya