ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පොහොර ලබාදීම පැරණි ක්‍රමයටම - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

    මාර්තු 21, 2018
    පොහොර සඳහා වවුචර් පත් ලබාදීමට වෙනුවට සහන මිලට පොහොර ලබාදීමේ පැරණි ක්‍රමය අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ඉඩම්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ඒ අනුව වී වගාව සඳහා වන පොහොර මිටියක් රුපියල් 500ක සහන මිලකටද, තේ, පොල්, රබර්, ඉඩඉරිඟු ඇතුළු බෝ 04ක් සඳහා වන පොහොර මිටියක් රුපියල් 1500ක මිලකට ද ලබාදෙනු ඇත.
     
    හිඟයකින් තොරව පොහොර ලබාදීම කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya