ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ''සොබාදහමේ පදනම ජලය''- ලෝක ජල දින සැමරුම අදයි

    මාර්තු 22, 2018

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මග පෙන්වීම් යටතේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සංවිධානය කරන ලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.


    කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී  අද (22) පෙ.ව.9.00ට සැමරුම් උත්සවය පැවැත්වෙයි.

    ''සොබාදහමේ පදනම ජලය'' යන තේමාව යටතේ මෙවර ලෝක ජල දිනය සැමරේ. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ නව ජල සම්පාදන ක්‍රම ආරම්භකර ඒ තුළින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වැඩියෙන් ලබා දීමට, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැඩි අවධානය යොමුකරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya