ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලේ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘති 29ක්

    මාර්තු 28, 2018

    ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහනට අදාළ ව්‍යාපෘති 29ක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසර සඳහා රු මිලියන 2.3 ක මුල්‍ය ප්‍ර‍තිපාදන වැය කිරීමට අපේක්ෂිත බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය පවසයි.

    අතිගරු ජනාධිපතිතුමන්ගේ මතින් නිදහස් රටක් යන තේමාව පෙරදැරි කරගෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රගමනය උදෙසා ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටි කොඩිකාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම සහිත සම්පත්දායක සංචිතයක් ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් නිර්මාණය කිරීම සඳහා මේ යටතේ රු 21,96,000ක මුදලක් වෙන්කර තිබේ. එම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා වැඩසටහන් 24ක් වශයෙන් සැලසුම් කර ඇත.

    මත්ද්‍රව්‍ය නිවාරණ දිස්ත්‍රික් කමිටු සඳහා රු 20,000ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර රාජ්‍ය නිලධාරින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඍජුව දායක කර ගැනීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා රු. 10,7000ක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම රු 12,500ක ප්‍රතිපාදන වෙන්ක රමින් වෘත්තීය පුහුනු ආයතනවල උපදේශකයන් පුහුණු කිරීමද මේ ව්‍යාපෘති ප්‍රතිපාදන යටතේ සිදු වෙයි.

    ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya