ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සුළං බල මෙහෙයුම දියත් කෙරේ

    මාර්තු 29, 2018

    සුළං බල මෙහෙයුම දියත් කිරීමේ උත්සවය අප්‍රේල් මස 06 වන දින පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේ දී සිදුකෙරේ.

    ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සහ රටේ බලශක්ති ස්වයංපෝෂිතතාවය ළඟා කර ගැනීමේ දිගු කාලීන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණයි.

    විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාර්ගෝපදේශකත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලය,ලංකා විදුලි පුද්ගලික සමාගම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සුළං බල මෙහෙයුම දියත් කිරීමට නියමිත බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ භූ පිහිටීම සැළකීමේදී සුවිශේෂී සමුද්‍ර සංධිස්ථානයක පිහිටීම තුළ ඉහළ සුළං විභවයක් පවතී.මෙගාවොට් 128 ධාරිතාවයක මහා පරිමාණ සුළං විදුලි බලාගාර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

    ලෝකයේ වෙනත් රටවල කුඩා පරිමාණයේ සුළං විදුලි බලාගාර හරහා සුළං විදුලි ජනනය ජාල ගත වී ඇත. ශ්‍රී ලංකාවේ ඒ සඳහා ඇති විභව තුළ විශේෂයෙන් කුඩා පරිමාණයේ ටර්බයින හරහා සුළං විදුලිය ප්‍රවර්ධනය කිරීම සුළං බල මෙහෙයුමේ පරමාර්ථයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya