ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සුව ඇමැති සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර සාකච්ඡාවක්

    මාර්තු 29, 2018

    කරුණු 15 ක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මෙහිදී ප්‍රවාහන දීමනා, උසස්වීම්, වාහන බලපත්‍ර ලබාගැනීම, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ස්ථාන මාරුවීම්, වෛද්‍ය පරිපාලන පුරප්පාඩු පිරවීම, වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුලත් කිරීම, පෞද්ගලික රෝහල් නියාමන වැඩපිළිවෙල සහ බස්නාහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක රෙදි සේදීමේ ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡා කරන ලදි.


    මෙහිදී වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව ලබාදීම පිළිබදව රජය සමග සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. තව ද වෛද්‍යවරුන් සදහා වසර 05 කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදීම පිළීබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි.

    එහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම වාහන බලපත්‍රය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි. පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි. එහිදී වෛද්‍යවරුන් අයකරන මුදල වෙනස් නොකරන ලෙසට පෞද්ගලික රෝහල් සංගමය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.

    තව ද රජයේ වෛද්‍යවරුන් වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද ලබා පස්වරුවේ පමණක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වන බැවින් අසරණ රෝගීන් දෙස බලා තීරණයක් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ඒ පිළිබදව තවදුරටත් සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙන ලදි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින්ගේ දරුවන් 64 ක් පාසල් වලට ඇතුලත් කර නොගැනීම පිළිබදව ද සාකච්ඡාවට බදුන් විය. එහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ පිළීබද වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසයි.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්. ජි.ජී.එස් ගුණතිලක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya