ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය ඉහළට

    මාර්තු 30, 2018

    2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතයේ හි ඉහළ යාමක් සිදුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    2016 වසරේදී  69.94 % උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබාගත් අතර 2017 වසරේ දී එම ප්‍රතිශතය 73.05 % දක්වා 3.11 % කින් ඉහළ ගොස් තිබේ.

    2016 ප්‍රතිඵල සමග සැසඳීමේදී ගණිතය විෂය සමත් වීමේ ප්‍රතිශතය ද 4.43 % කින් ඉහළ ගොස් ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙන්නේ. 2016 වසරේ දී ගණිතය විෂයය සමත් ශිෂ්‍ය ප්‍රතිශතය 62.81 % ලෙස දැක්වුණා.2017 වසරේ දී එය 67.24 % දක්වා ඉහළ ගොස් තිබේ.

    මීට අමතර ව  සියලු විෂයන් සඳහා A (A 9) සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාවෙහිද ඉහළ යාමක් සිදුව තිබේ. පසුගිය වසරේ (2016) සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8224 ලෙස දැක්වුණා. මේ වසරේ දී (2017) එම සංඛ්‍යාව 9960 දක්වා ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya