ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කප්රුක සමිති ශක්තිමත් කළ යුතුයි - වැවිලි කර්මාන්ත අමාත්‍ය

    අප්‍රේල් 04, 2018

    පොල් නිෂ්පාදනය වන දිස්ත්‍රික්ක තුළ කප්රුක සමිති ශක්තිමත් කිරීම අවශ්‍ය යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

    කප්රුක සමිති සාමාජිකයින් වෙත ඩීමෝ බට්ටා ලොරි රථ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.  පොල් වගා කිරීමේ මණ්ඩලයේදී උත්සවය සංවිධානය කර තිබුණි.

    භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කරලා මේ කප්රුක සමිති ශක්තිමත් කිරීමට ද්‍රව්‍යමය උපකාරයක් කිරීමට හැකිවෙලා තියනවා.විශේෂයෙන්ම පොල් නිෂ්පාදනය සම්බන්ධයෙන් අද මේ රටේ විශාල ගැටළුවක් තියනවා.පොල් නිෂ්පාදනය නියගය නිසා අඩු වෙලා තියන නිසා පොල් මිල වැඩිවෙලා තියනවා.පොල් මිල වැඩි නිසා පාරිභෝගිකයාගේ දොෂාරෝපණය අපිට ලැබෙනවා. විශේෂයෙන්ම පොල් නිෂ්පාදනය කරන රටක් වන අප,ලොකයේ පස්වන තැනට ඉන්න අප කාලගුණික වෙනස්කම් නිසා අපගේ පොල් නිෂ්පාදනයට ඇතිවී තිබෙන බලපෑම නිසා සාමාන්‍ය ජනතාවට විශාල බලපෑමක් වෙලා තියනවා. ඒ නිසා මෙහි අමාත්‍යවරයා හැටියට මට යුතුකමක් තියනව අවශ්‍ය පියවරවල් ගන්න.

    මේ ප්‍රශ්නයට ක්ෂණික විසදුම් ලබා දෙන්න.මට කාලගුණය වෙනස් කරන්න බෑ. නමුත් ඒ සමිති සමාගම් ආයතන ඒ වගේම මේ ක්ෂේත්‍රයට ලැබෙන සම්පත් ප්‍රමාණය වැඩි කරන්න උත්සාහ ගන්න පුළුවන්. අපි හිතනව පොල් පර්යේෂණ ආයතනය වාර්තා කරන විදියට ජූනි මාසයේ සිට මේ තත්ත්වය යහපත් අතට හැරෙයි කියලා. අපට පොල් ගෙඩි මිලියන 3000 ක් අවශ්‍යයි. මේකෙන් මිලියන 2700 ක් පමන අපේ රට තුළ පරිභොජනය කරනවා.අපි හිතනවා දීර්ග කාලීනව පොල් නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍යයි කියලා. උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පොල් නිශ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පහසුකම් ලබදීම වැදගත්.අපි ඒක දැන් කරල තියනවා.අපගේ පොල් නිෂ්පාදනය වන දිස්ත්‍රික්ක තුළ එම කප්රුක සමිති අපි ශක්තිමත් කරන්න අවශ්‍යයි.පොල් සංවර්ධන අධිකාරිය , පොල් වගාකිරීමේ මණ්ඩලය මීට වඩා ශක්තිමත් විය යුතුයි.

    අද තාක්ෂණය ඉදිරියට ඇවිල්ල තියනවා.අද ඩ්‍රොන් මඟින් ඒ අවශ්‍ය පොහොර ටික දෙන්න පුළුවන්.තාක්ෂණය මගින් අපේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.බොහෝ විශාල ඉඩම් හිමි පුද්ගලයන් කොළඹට වෙලා ඔවුන්ගේ ඉඩම් බලාගන්නේ නෑ.මේක වෙනස් කරන්න අවශ්‍යයි.මේ අකල්පය වෙනස් කරන්න අවශ්‍යයි.උපරිම නිෂ්පාදනයක් ලබාගන්න පුළුවන් විදියට අපගේ නිළධාරීනුත් වෙනස් වෙන්න අවශ්‍යයි.පොල් වගාකිරීමේ මණ්ඩලයේ නිළධාරීන් ගමේ කප්රුක සම්ති සමග බද්ධව මීටවඩා කාර්යභාරයක් කරන්න අවශ්‍යයි.

    අපි තේ ක්ෂේත්‍රය සම්බන්ධව විශාල ජයග්‍රහන ලබාගෙන තියනවා.පොල් හා රබර් ක්ෂේත්‍ර වලටත් අපිට මේවගේ ජයග්‍රහන අවශ්‍යයි. අපගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්නම් ආයොජකයන් කර්මාන්ත කරුවන් එන්න ලෑස්තීයි. තේ වලටත් වඩා හොද ඉල්ලුමක් පොල්වලට තියනවා.අපි කොහොමද රාජ්‍ය ආයතන විදියට මාකට් එකත් එක්ක යන්නේ.මේකයි මට තියන ලොකුම ගැටළුව.රාජ්‍ය ආයතනත් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ.ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ.මේ වෙනස්කම් ඇතිකරල ඉදිරියට යන්න අවශ්‍යයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya