ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සැලසුම් සහගතව වෙළෙඳපොළට යන්න - පාරිභෝගික සේවා අධිකාරිය

    අප්‍රේල් 11, 2018
    මෙම උත්සව සමයේ දී භාණ්ඩ මිලදීගැනීම සඳහා වෙළෙඳපොළට යාමේ දී සැලසුම්සහගත ලෙස මිලදීගත යුතු භාණ්ඩ ලැයිස්තුවක් අතැතිව වෙළෙඳපොළෙ වෙත යොමු වන්නැයි ද එසේ නොමැතිනම් කූඨ වෙළෙඳ උපක්‍රමයන්ට හසුවිමට ඉඩ ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවාය.
     
    විශේෂයෙන් කල් පවතින භාණ්ඩ මිලදී ගැනීමේ දී පසුගිය කාලයේ පැවති මිල ගණන් පිළිබඳ ව සැලකිලිමත් වන ලෙසත් භාණ්ඩ මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන් ම බිල්පතක් ලබාගැනීමට කටයුතු කරන්න යැයි ද ඉල්ලා සිටින ඒ මහත්මිය ආහාර මිලදී ගැනීමේ දී මිල, නිෂ්පාදිත  දිනය, බර පරිමාව පිළිබඳ ව සැලකිලිමත් වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    1977 පාරිභෝගික සේවා අධිකාරියේ ක්ෂණික දුරකථන අංකයට හෝ දිස්ත්‍රික් කාර්යාල සඳහා ඕනෑම දිස්ත්‍රික්කයක කේත අංකයක් යොදා 7755455 අමතා පාරිභෝගික සේවා අධිකාරිය අමතා මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න යැයි ද කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya