ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දෙමාපියන් දරුවන් ගැන සිතා මහගෙවල් පිරිසිදු කරන්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා

    අප්‍රේල් 12, 2018
    පසුගිය කාලයේ දී ඩෙංගු රෝගය වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුණද, පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගයේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මේ අවුරුදු සමයේ දී තම දරුවන් මෙන් ම නිවෙස්හි සිටින වැඩිහිටියන් ගැන සිතා තම මහගෙවල් අවට පිරිසිදු කිරීමට කටයුතු කරන ලෙස කොළඹ සිට තම ගම්බිම් බලා යන ජනතාවගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.
     
    උත්ස සමය මෙන් ම, නිවාඩු සමය හේතුවෙන් තම ගම්බිම්වලින් පිට පළාත්වල සංචාරක කටයුතු සිදුකිරීමේදි සුපුරුදු නොවන මාර්ග පිළිබඳ වඩා සැලකිලිමත් වන ලෙසත් කෙටි දුර ධාවන බස් රථ දුර ගමන් සඳහා යොදවන්නේ නම් ඒ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.
     
    අපේ රටේ මෝටර් රථ ධාවන සංස්කෘතිය ඉතා පහළ මට්ටමක පවතින බවත් අනතුරු ඇතිවන්නේ මං තීරු නීති හරිහැටි ක්‍රියාත්මක නොකිරීම නිසා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya